À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 |

A+ A-

ලියල Copy  කරන් ඇවිත් … Publish කරන්න  කලින් නින්ද ගිය පලවෙනි ඕතර් මං නෙවෙයි ද?? ( ඒකත් 08 යි ගානකට.. ☠️💔 )

************

    එදා දන්සල් ගානෙ ගිහින්… මහ පාන්දර පිනිබාල මගෙ නහය බර වෙලා තිබුණා යන්තමට…

     ගෙදර ඉද්දිත් මම ඩිංග ඇත්තන් අම්මට කන්කෙදිරි ගාගත්ත ගමන්. හෙම්බිරිසාවක් වත් මට දරාගන්න අමාරුයි. හැදුනම ඉන්න හිටින්න බෑ.. ඔලුව පුපුරන්න වගේ… නහය බ්ලොක් වෙල ඒ එක්කම ඇස් ඉදන් රිදෙන්න ගන්නවා.. ඒ දවසට වතුර ඩිංගක් ඇගේ ගෑවුණත් අප්පිරියයි…

      මං නැගිට්ටෙ තැම්බුම් සුවද එක්ක ආව සිද්ධාලේප සුවඳට.. ඊටපස්සෙයි මම දැනගත්තෙ මට හෙම්බිරිසාව හැදිල කියන්න…

      අයියා කුස්සියෙ රිංගගෙන මොනාද තම්බනවා… නළලෙ සිද්ධාලේප තලියක් උලලා මගෙ.. මං එහෙම්ම ආපහු ඇස් පියාගත්තෙ ඇස් රිදෙන හින්දා ඉර එළියට.

      ” මල්ලි….. ” අයියා කාමරේට ආවෙ මුට්ටියක් උස්සගෙන.. ඒක බිම තියාලා මාව නැගිට්ටල ඇද අයිනෙ ඉන්දුවෙ බලෙන් වාගෙ..

    ” දුම් ටිකක් අල්ලමු… කෝ.. නැවෙනවා.. ”

  කිව්වට මං කරනකල් බලන් හිටියෙ නෑ.. මාව දෙකට නවලා බෙඩ්ශීට් එකක් ඇදල අරන් මගෙ ඔලුවෙ ඉදල පොරවලා… අර මුට්ටියෙ පියන අයින් කරා…

     දුමාරෙ වදිද්දි හෙනම හිරිකිතක් දැනෙන හින්දා මං නැගිටින්න හැදුවා.. ඒත් අයියා මගෙ කොන්දට අතක් තියල තල්ලු කරේ සැර දාගන..

     ” ඔය දුම වැදෙන්න දෙනවා ටිකක්… සෙම බුරුල් වෙන්න.. ”

      ” අනේහ්…. මට නැවිල ඉන්න බෑ හුස්ම හිරවෙනවා ඕයි.. ”

    “  විකාර නැතුව ටිකක් ඉවසනවා මැට්ටො.. උස්ම ගන්න ලේසිවෙන්නනෙ දුම් අල්ලන්නෙ.. ”

   මං කොච්චර කන්කෙදිරි ගෑවත් අයියා ඔලුව උස්සන්න නොදී අල්ලන්ම ඉද්දි මට කේන්ති ආවත්.. හොටු බෙහෙත් වාශ්පෙට දියවෙල වතුරට වැටෙන්න ගත්තම හෙන සනීපයක් දැනීගෙන එන්න ගත්තා… මං එහෙම්ම තව ටිකක් හිටියෙ ඒකයි. හුස්මගන්න තව ලේසි වෙද්දි අයියා දීපු ටිශූ කඩදාසි කෑල්ලක් අරන් මං නහය සීරුවා..

       බෙහෙත් කොළ වාශ්පෙට තෙත් වෙච්ච මගෙ මූණ අයියා පිහදැම්මෙ අයියගෙ සෝදපු කමිසෙකින්.. ඒ කමිසෙන් ආවෙ අයියගෙ සුවද..

     මං අයියගෙ පපුවෙන් ඔලුව තියාගත්තා ඇස් දෙක වහගෙන..

    අයියා උගුර යටින් හිනාවෙද්දි පට්ට සෙක්සි… අයියගෙ පපුවෙ මගෙ කන ගෑවෙද්දි ඒ පපුව ගැහෙන සද්දෙ මට සද්දෙට දැනුණා… ඒ සද්දෙටම මගෙ පපුවත් අනුගත වෙද්දි මට දැනුණෙ අපි දෙන්නා එක්කෙනෙක් කියලා.. 

     මං ඒ ඉඟ වටේ අත් යවලා ඒ උනුහුමට තදට තුරුල් වුණා..

   අන්තිමට මගෙ කරගත්ත මේ දඩබ්බර පපුව දැන් මගෙම විතරනෙ කියල දැනෙද්දි… මට දැනුනා අහිංසක ආඩම්බරයකුත්.

        ” මේකෙ හුරතල්… ” අයියා ඇන්නෙ මගෙ කම්මුලට.. මං ඇස් ඇරියෙ ඒ සුදුම සුදු කම්මුලට රවන්න විතරයි….

     අයියා මං එක්කලා හිනා වුණා…

    ” කාල ඉදපං.. හුරතල් වෙන්න පුළුවන් බෙහෙත් බීල.. ම්ම්.. ”

     ” අද ලෙක්චස් නැද්ද?… ”

    ” තියෙනවා.. “

   ” එහෙනං යන්න. මට දැන් හොදයි.. ” කිව්වෙ නං එක හිතින් නෙවෙයි. ඒත් මං වෙනුවෙන් අයියගෙ වැඩ පාඩු කරගෙන නතර වෙන්න කියන එක හරි අසාධාරණයි වගේ දැනුණා.

   

       ” වෙලාව කීයද බලන්න. ”

    මං ඔලුව උස්සල බිත්ති ඔරලෝසුව දිහා බැලුවා.. අයියා ඔය ඔරලෝසුව ගෙනාවෙත් මං ෆෝන් එක ඔබන එක නවත්තන්න.

      පේප’ එකක් දීල වෙලාව බලන්න කියල ෆෝන් එක ලඟට ගන්නවට බැනලා… අත් ඔරලෝසුවකුයි බිත්ති ඔරලෝසුවකුයි දෙකක් ගෙනල්ලා දීල… ලෙක්චස් යද්දි මගෙ ෆෝන් එකත් අරගෙනයි ගියෙ.. අම්මල කෝල් කරනවා කියල රන්ඩු අල්ලල අල්ලල මම ෆෝන් එක ගෙනියන එක නැවැත්තුවෙ.. ඒත් ඇවිත් ස්ක්‍රීන් ටයිම් බලලා ෆේස්බුක් ඉන්ස්ටා ඉදපු විනාඩි ගානට හරියන්න අල්ලන් ටොකු ඇන්නා.. බූරුවා..

      ” මෙච්චර වෙලා මං නිදාගත්තද? ”

    වෙලාව දහයට කිට්ටුයි. වෙනදට නම් පාන්දරම ඇහැරනවනෙ මේ මනුස්සයා…

    රෑ මට අසනීපයි කියල දැනගන්න ඇති.. ඒ හින්දා ඇහැරන්න නැතුවැති..

    අයියට ලෙක්චස් යන්න තිබුණෙ උදේ අටට.. දැන් ගිහින් වැඩක් නෑ. අද හවසත් නෑ. ඒ ගැන මට දැනුණෙ අහිංසක සතුටක්..
   

          අයියා මාව දාල යන්නෙ නැතුව ළඟින් ඉන්නවනම් හැමදාම ලෙඩ වෙලා හිටියත් සැපයි වගේ දැනුණා..

          “   ඒක තමයි… බෙහෙත් ටිකක් ගන්න යමුද?.. ”

    ” ඕන්නෑ.. ඇරිල යයි මේක.. ”

  ” ඒ වුණාට හවස් වෙලා හරි යමු. මේ ගිනි අව්වෙ එක්ක ගිහින් තව අමාරු වෙයි. “

    ” ඕන්නෑ ඕන්නෑ… හෙම්බිරිසාවට බෙහෙත් ගන්න ආවා කියල ආතල් එකට ගනී ඩොකත් මාව. ”

    ” ආහ්… ඩොකා එක්ක හුරතල් වෙන්න නෙවෙයි නෙ… බෙහෙත් ගන්න යන්නෙ. ”

    කම්මුල් රතුවෙද්දි මං දන්නවා ඔය ඉරිසියාවට කියන්න.. හූනා කිව්ව වගේ කියන්නම්.. එක්ක ගියත් මූ එක්ක යාවි මාව අවුරුදු හැත්තැ පහ පැනපු ලේඩි ඩොක්ට’ කෙනෙක් ලඟට. ඒ ඇස් වල තිබ්බෙ ඒ වගේ ඉරිසියාකාර බැල්මක්.

        ඊයෙ රෑ මේ මනුස්සයා මාව තුරුල් කරගත්තෙ මුල් වතාවට. ඒත් දැනුණෙ ආත්ම ගාණක් ආදරේ කළා වගේ හුරුකමක්.. සංසාරගත ප්‍රේමය වියාරාගෙන් දෙව්දුන් අයියට මාරු වුනේ ඒ තරම් ලේසියට..

     මං හිතුවෙ නෑ වියාරා ඇරෙන්න වෙන පපුවක මගෙ කම්මුල සැනසේවි කියල.. ඒත් ඒ දඩබ්බර දරදඩු පිරිමි පපුව,.. සිනිදුම කොට්ටයක් වගේ ඒ ගෑනු පපුවට වඩා සැපට මට දැනුණා.. ඒ උනුහුම මාව ජීවිත කාලෙම රස්නෙට තියාවි කියල මගෙ තුන්හිතම පිලිගත්තා..

        ” ඉරිසියාකාරයා.. ” මං කතා කළේ කෙලින්ම ඒ ඇස් දිහා බලන්.. අයියගෙ ඇස් ලැජ්ජ වුණා මට පෙනුණා.. මං හිනා වුණේ මේ යෝධ පැන්ඩාගෙ කම්මුල මිරිකල මශල්ස් ඝනකමට පිරිච්ච බාහුවක මගෙ හීන් දිග ඇගිලි පටලවලා..

          ” වැඩේමයි…. ඉරිසියා කරන්න.. ඔඩොක්කුවෙ ඉදගනින් ඩොකාගෙ.. මට මොකෝ.. ”

    ” ආහ්… ඉදගන්නද?? ”

    ” ඉදගනින්.. ”

  “  ඩොකා ඕන්නෑ.. තමුසෙගෙ යාලුවො එයිනෙ.. එකෙක්ගෙ ඔඩොක්කුවෙ ඉදගත්තෙ නැත්තං මං හංස නෙවෙයි- ”

     ” ආහ් ඉදගනින්.. ඉදගනින්… පුක පතුරු අරින්නෙ මම.. ”

     ” ඒකට තමා මිනිහො පැලියාව කියන්නෙ… ”

    ” පැලෙනව තමා ඉතින්… ඔව් මං පැලෙනවා…. ඇයි..?! “

     අයියගෙ හුරතලේ එක්ක බලුපැටව් පූස්පැටව් හාපැටව් කැලේ… නාකි හුරතලේ..

     ” පැලුණට කමන්නෑ පැලියාව කියල පිලිඅරන්.. “

      ” ඔව් ඒකනෙ.. දැන් මේ පිළිගත්තෙ… ”

    ” මැටි හරකා. ”

   ” පාත්තයා. ”

    ” අනේ මේ මට කතා කරන්න අමාරුයි හරිද? ”

    ” ආහ් ආහ්.. ” අයියා මගෙ නළලට අත තියලා කම්මුලත් අතගෑවා.

   ” බත් චුට්ටක් කමු.. මං කවන්නං. ”

  ” අනේ.. කන්න බෑ හලෝ.. ” සැර කරයි කියලයි මං අහිංසක වුණේ.. අයියා ඒ වෙනුවට මගෙ ඔලුව අතගෑවම මගෙ හිත පිරිල ගියා.. එක චූටි ස්පර්ශයක්…. ආදරේ සත් සමුදුරක්.. මං දන්නවා ඇස්වල දිලිහෙන ඒ බැල්ම..

    අයියා මට කැමැත්ත දෙන්නත් කලියෙන් දිලිහුණ ඒ බැල්ම.. මම දන්නවා… නොදැන හරි අයියත් මීට වඩා කල් මට ආදරේ කරල තියෙනවා කියන්න.

   ” නොකිව්වෙ රවට්ටල හරි බත්ම කවන්න… මං සුප් ටිකකුත් හැදුවා… අනේ ඒක නං බොමු රත්තරං.. ”

    අයියා ඉල්ලුවෙ අහිංසක තාලෙට.. ඒ මායම්වලට මාත් අහුවුණේ හරි ඉක්මනට… ඔලුව උඩපහළ ගියාටත් පස්සෙ මම දන්නෙ මං හා කියල කියන්න.

     අයියා ගෙනාවෙ චිකන් සුප් එකක්..

    අම්මා කවදාවත් චිකන් සුප් හදල නෑ.. අම්මා දන්නවා මම ආස වෙජි සුප් බොන්න විතරයි කියන්න. ඒත් අයියා ඇද කොනේ ඉදන් කකුලක් නවල ඒ උඩ ඉදගෙන… දුම් දාද්දි හැන්දෙන් අරන් කටින් පිඹ පිඹ පෙව්ව සුප් හැන්දට තොල් මෑත් නොකර ඉන්න තරම් කුරිරු වෙන්න මට බැරි වුණා..

   ෆිජ් එකක් නොතිබ්බ හින්දා අයියා උදේ පාන්දර දුවන්නැති චිකන් හොයන්න… ඒ ගෙනත් තම්බල පොවන සුප් හැන්දෙ රහ මම කාපු හැම කෑමකම රහ දෙවනි කළා.. මං පොවන හැම හැන්දක් ගානෙම කට ඇරියෙ ඒකයි.. එකක් බීල ඊලඟ හැන්දටත් කට අරිද්දි අයියගෙ ඇස්වල පිපෙන සතුට ටිකෙන් ටික පෙති දිගාරින්න වුණේ වැස්සට පිපෙන රේන් ලිලී පොහොට්ටුවක් වාගෙ… මං ඒ පොහොට්ටුව මත්තෙ වැටෙන හිරිකඩක් වෙලා කැමැත්තෙන්ම වැටුණෙ පුන් ලිලීමලක් අයියගෙ හදවතේ පිපෙන්න ඕන වුණේ මගෙ බඩ පිරෙන එක විතරක්ම වුණ හැටි ගැන පුදුමෙන්….

        ඔක්කොමත් හරි.. ඊලඟට ආවෙ කසාය වටේ..

      ඕකනෙ කරන්න බැරි.. මළත් මේ තිත්ත ගොඩවල් බොන්න හිත හදාගන්නෙ කෝමද දෙයියනේ..

    ” අනේ හංස.. එක උගුරු පහක් බොන්න හලෝ.. මේක අපේ අත්තම්මා දන්න රහස් අත්බේත් වට්ටෝරුවක්.. මේ බෙහෙත් ටික අත්තම්මා එයාගෙ අතින්ම හොයල… හෝදල කපල වේලලා තියල තිබුණෙ බෝතලේකට දාල මට ගේන්න.. මේක බිව්ව ගමන් ඔය අමාරු සේරම ඉවරයි.. ”

  අයියා දාහක් ඒව කිව්වෙ මට බෙහෙත් ටික පොවන්න හිත හදන්න වුණාට මං කන්කෙදිරිම ගෑවා. ඊටපස්සෙ ආරම්භ වුනේ බලෙන් අල්ලන් පොවන වටය.. උගුරු දෙක තුනක් උගුරෙන් පහළට යවලා මිසක් අයියා නෙවෙයි මගෙ ඇග උඩින් බැස්සෙ..

    ඒ බීලත්… බැන බැන කාමරෙන් ගියාම මට හිතුනා.. අපරාදෙ මුගෙ සුප් එක බිව්වෙ කියල…

     ” බෙහෙත් ඩිංගක් ගිලගන්න බෑ. මොන රෙද්දටද එහෙනං ලෙඩ වෙන්නෙ?! ”

    ‘ මහ මලහත්තිහුත්තක්නෙ යකො මේක.. මං ආසාවෙ ලෙඩ වෙලා ඉන්නවා කියල හිතුවද දන්නෑ.. ‘

   නෑහෙන්න මමත් කුටුකුටු ගාල බැන්නෙ මගෙ හිත හදාගන්න.

    ” ආ! ”

ආය රෙද්දක්… බෙහෙත් පෙති දෙකකුයි වතුර එකකුයි උස්සගෙන ඇවිදින් මට දික් කරා..

    ” මේක බීහං විගඩමක් වෙන්නැතුව. නාකි නලවන්න මට බෑ.. ”

      ” මං නෙ නාකි නලවන්නෙ.. ” කිව්ව නෙවෙයි කියවුණා..

   රැව්ව පාරට මං අතේ තිබ්බ වතුර එක අරන් බෙහෙත් පෙති දෙක රහමිහිර නොබල ගිලදාලයි නැවතුණේ..

   ඊටපස්සෙ නැවතුනානම් කමන්නෑ.. ගන්දස්සාරෙ ගහන ගඳ බෙහෙත් තෙල් කුප්පියක් අරගෙන ඇවිත් මගෙ ඔලුවට දැම්මෙ තෙල අත් දෙකේ අතුල්ලල රත් කරලයි.. ඔලුව එහෙම්ම මසාජ් කරා.. ඒ එක්කම මට නිදිමතක් ආවෙ ඇගේ අමාරුව එක්ක…. අයියා මගෙ නළලත් තෙල් තැවරුන ඇගිලිතුඩින්  සම්බාහනය කළා..

   ඒ කරල අයියා මට පොරවලා තියල පොතක් අරන් ඇදට ආවා..

  එක අතකින් මගෙ ඔලුව කහන ගමන්.. අයියා අනිත් අතින් පිටු පෙරලන සද්දෙ අහගෙන.. අයියගෙ පපුවෙ ඔලුව තියන් ආපහු මට නින්ද ගියා…

    අයියගෙ වෙලා පලවෙනි දවස..

මං ඒ දවස මතක් වෙද්දි අදටත් ආදරෙයි……

    අයියා දරුපැටියා පපුවෙ තියන් ඔලුව කහ කහා… පොතක් තනි අතින් පෙරල පෙරල කියවන හැටි බලන් ඉදපු… නාලා තුවාය පිටින් කාමරේට ආව මට එදා දවස මතක් වුණේ වේදනාබර රහ හැඟීමක් හිත අස්සෙ අවදි වෙද්දි..

   කොල්ලට අයියගෙ නිරුවත් පපුව උඩම නින්ද ගිහින්… අයියා සරමක් ඇදලා.. පොරෝනයක් ඇගෙන් බාගෙකට දාන් හිටියෙ..

       මම රෙදි මාරු කරලා ඇදට ගොඩ වුණා..

    ” සුදූ.. “

” ම්ම්? ”

  ” පුතාගෙ බෙහෙත් ඉවර වෙන්නත් ඇවිත් නේද? ”

  මට ඒකට උත්තර දෙන්න හිතුන්නෑ. මගෙ වන්දි මුදල ගන්න ඕන. අයියා මොන බයිලෙ ගැහුව්ත් අයියා මත්තෙ යැපෙන එක මග්‍ර් හිතට හරි නෑ..

   “   නංගිලා සතියකින් එයි.. “

   ” නංගිලා?.. “

    ” ම්ම්… “

  අයියා මාවත් පපුවෙ එක පැත්තකට ඇදල ගත්තෙ මොනර පැටියට ඇරුණම මටත් ඒකෙ ඕනතරම් ඉඩ තිබුණ හින්දා..

  අයියා නිදාගන්න කලින් මගෙ මොනර පැටියගෙ ඉස්මුදුනෙ හාද්දක් තිබ්බා..

   ඒත් මට ඒ හාද්ද තිබ්බෙ තොල් උඩ.. කිසිම පැහැදිලි කිරීමක් නැතුව අයියා එහෙමම ඇස් පියාගත්තා..

නැවත හමුවෙමු

🤍🦢

02.11.2024

   දෙව්දුන් දුන්නොත් කසාය නම් මොනාද 😌🖤

නංකිලා???

මට නිදිමතයි නෙ.. වෙලාව 08 : 41 PM…. ඇයි මේම.. 🙂💔 හැබැයි අදනම් මාරම සීතලයි.. දෙව්දුන් කෙනෙක් නැති අඩුව වෙන්නැති මේ එක්කො 😔💔

 

    

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 28 | light novel, ,

Comment

Leave a Reply

Chapter 32